Wednesday, October 25, 2017

Error message පිලිබදවත් එ්වාට කලයුතු දේ පිලිබදවත් දැනගමු.

Error messages

           ඔයාලා යම් කිසි වෙබ් පිටුවක් අන්තර්ජාලය හරහා open කර ගන්න හදන වෙලාවක එ් වෙබ් පිටුව open නොවී එ්කට හේතුව වශයෙන් කිසියම් පණිවුඩයක් පෙන්වන අවස්ථා අැති. අන්න එ් පණිවුඩ තමයි  Error message කියලා හදුන්වන්නේ. මේ පණිවුඩත් සමග යම් අංකයකුත් පෙන්වනවා.
එම අංකය අාරම්භ වෙන්නේ හතරේ ඉලක්කමකින් නම් එමගින් කියන්නේ වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්නේ වැරදි විදිහට කියලා. Error message එකේ අංකය අාරම්භ වෙන්නේ පහේ ඉලක්කමකින් නම් එමගින් කියන්නේ අන්තර්ජාල සේවා සපයන සර්වර්වල අැති වරදක් හෝ අන්තර්ජාල සම්බන්ධතාවයේ අැති වරදක් පිලිබදව.
          ඉතින් මෙම Error message පිලිබදවත් එ්වාට කලයුතු දේ පිලිබදවත් මම මේ ලිපියෙන් ඔයාලය ඉදිරිපත් කරනවා.

400 Bad request

මෙම පනිවුඩයෙන් අදහස් කරන්නේ ඔයාලා type කරලා තියෙන වෙබ් ලිපිනයේ යම් කිසි වරදක් අැති බව හෝ එම වෙබ් ලිපිනයට ගැලපෙන වෙබ් අඩවියක් මෙතෙක් අන්තර්ජාලය තුල නොමැති බවයි. ඉතින් මේ වගේ පණිවුඩයක් අාවොත් ඔයාලා type කරලා තියෙන වෙබ් ලිපිනය හරිද කියලා නැවත බලන්න.

401 Unauthorized

මෙම පණිවුඩය අාවොත් එ්කෙන් අදහස් කරන්නේ ඔයාලට මෙම වෙබ් පිටුවට පිවිසීමට අවසර නෑ කියලා. ඉතින් මේ වගේ වෙබ් පිටුවකට යන්න ඔ්නේ නම් ඔයාගේ තොරතුරු දීලා අදාල වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා User name සහ Password භාවිතා කරන්න වෙනවා.

403 Frobidden

මෙයින් අදහස් කරන්නේ ඔයාලා පිවිසීමට උත්සාහ කරන වෙබ් පිටුවට අැතුල් වෙන්න ඔයාට අවසර නෑ කියලා. මෙහිදීත් කරන්න තියෙන්නෙ අදාල වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා අවසරය ලබා ගන්න එක තමයි.

404 Page not found

මෙවැනි පණිවුඩයක් ලැබෙන්නේ ඔයාලා ඉල්ලන වෙබ් අඩවියට හරි වෙබ් පිටුවට හරි සම්බන්ද කිරීමේ යම් තාක්ෂණික අපහසුතාවයන් අැති වෙලාවට. වෙබ් පිටුවට මුල ඉදල අාපසු එම වෙබ් පිටුව ඉල්ලන්න එහෙම නැත්නම් වෙබ් පිටුව Refresh කරන්න එතකොට මෙම වරද නිවැරදි වෙනවා.
          හැබැයි සමහර වෙලාවට, අදාල වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කරලනම් එහෙමත් නැත්නම් ඔයා වැරදියට වෙබ් ලිපිනය ටයිප් කරලා නම් මේ පණිවුඩය එන්න පුළුවන්.

408 Request time out

සමහර වෙබ් ලිපින මත ක්ලික් කිරීමේදී ඔයාලා අතින් යම් ප්‍රමාද දෝශයක් සිදුවුනාම මෙම පණිවුඩය ලැබෙනවා. අැතැම් වෙබ් ලිපින ක්ලික් කරද්දී යම් කාල පරාසයක් බලපානවා. එවැනි අවස්ථා වලදී කල යුත්තේ අදාල වෙබ් ලිපිනය මත ක්ෂණිකව ක්ලික් කිරීමයි.

500 Server error

මෙම පණිවුඩය ලැබෙන්නේ අන්තර්ජාල සර්වර් වල පවතින යම් යම් දෝශයන් නිසා. ඉතින් මෙවැනි අවස්ථාවක ඔයාලා ටික වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවතත් පිවිසීමට උත්සාහ කරන්න.

502 Server overload

මෙයින් අදහස් කරන්නේ මෙම අවස්ථාව වන විට අප භාවිතා කරනු ලබන සර්වර්වල තද බදය වැඩි වී අැති බවයි. මෙවැනි විටෙකදීද කල යුත්තේ ටික වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවතත් පිවිසීමට උත්සාහ කිරීමයි.

503 Service unavailable


මින් කියවෙන්නේ ඉන්ටනෙට් සේවා සපයන්නාගේ සම්බන්ධතාවයේ යම් කිසි වරදක් හෝ ක්‍රියාවිරහිත වීමක් තියෙනවා කියලා. මෙවැනි අවස්ථාවල දී ඉන්ටනෙට් සේවා සපයන අායතනයට දැන්වීමෙන් මෙම දෝශය මග හරවා ගන්න පුළුවන්.

No comments:

Post a Comment