Wednesday, October 25, 2017

ලාංකීය ජීවන රටාවේදී නැතුවම බැරි බුලත්.

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අනන්‍ය සංකේතයක් වූ බුලත්


පිළිගන්වන විට බුලත් අතකටේදී බුලත් විටඉනේදී බුලත් පයියගෙදරදී බුලත් හෙප්පුවමඟුලකදී බුලත් තට්ටුවඅවමඟුලකදී ඉලත්තට්ටුවගමනක් යන විට බුලත් මඩිස්සලයආගමික කටයුතු වලදී දැහැත් වට්ටියදේවාලයේදී දළු මුරකුඹුරේදී බුලත් පෙට්ටියකාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී.


ලාංකික ජීවන රටාවේ මිනිසාගේ උපතේ සිට විපත දක්වා සිදුවන ආගමික හෝ වේවා සංස්කෘතික හෝ වේවා සියලුම සිරිත් විරිත් වලට බුලත නම් නැතිවම බැරිය.

දෙහි කැපීමේදී බුලතේ උපත පිළිබඳ මෙසේ කියැවේ


මල් පිපුනා දැක මහබඹු සන්තොසිනා
පුල්මතිනා දෙවියෝ ගුවනින් වඩිනා
මුල් බැඳුනා නා උයනේ දළු ගැනුනා
වැල් උපනා දළු මුර පවසමි හොඳිනා

නා ලොව උයනේ එම පැල පැලවී තොසිනා
පුරුක් ඇදී මුල් මතු වී කොළ දී හැදුනා
නා ලොව භුපතියන නම කඳට ඇති වුනා
නාගවල්ලි කියන නමින් එවැල පැළ වුනා

නා ලොව හට ගත් බුලත මිනිස් ලොවට ආ හැටි


මහා සම්මත රජුගේ මැණික්පාලි බිසවට ඇති වූ දොළදුකක් නිසා එය සංසිඳවීමට නා රජු විසින් බුලත මිනිස් ලොවට ගෙන එන ලදී. නා රජු බුලත් කොළය දෙකොනින් අල්ලා ගෙන පැමිනි නිසාවිෂ නැති කිරීමට බුලත් කොළයේ දෙකොන කඩා කෑමට ගන්නා ලදී. අදටත් බුලත් විට කෑමට පෙර දෙකොන කඩා කෑමට මිනිසුන් අමතක නොකරයි.
පුරාවෘත්තය එසේ වුවත් දෙකොන කඩා දැමීමෙන් කොළයේ රැඳී ඇති අපවිත්‍ර දෑ ඉවත් වෙයි.



ඈත ඉතිහාසයේ බුලත් පිලිගැන්වූ අවස්ථා


සත් සතිය අවසානයේදී මහා බ්‍රහ්මයා පැමිණ බුදුරජාණන් වහන්සේට දැහැත් පිළිගන්වා ඇතැයි මහායාන පොත් වල විස්තර කෙරෙයි.
අතීතයේ ලංකාවේ ජිවත් වූ නාග ගෝත්‍රිකයන් අතර මැණික් පුටුවක් අරඹයා ඇති වූ ගැටුමක් විසඳීමට බුදුරජාණන් වහන්සේ කැළණියට වැඩම කල විට දැහැත් පිළිගන්වා ඇත.
සමාව ගෙනතෑගි බෝග පිරිනමා අවසන් කළ නොහැකි තරහක්/වෛරයක්බුලත් අතක් පිරිනමා අවසන් කර ගත හැක. බුලතේ අපට නොවැටහෙන සංස්කෘතික අගයක් තිබේ යැයි කියන්නේ ඒ නිසාය. රජ ඇමතිගුරු දෙගුරුවැඩිහිටියන්ට පිළිගැන්වීමට තරම් බුලත වැදගත් වන්නේද ඒ නිසාය.

සිංහලයා බුලත් කෑමට රැසියාය. අද ද ගමකින් බුලත් නොකන මිනිසෙකු සොයා ගැනීම අපහසුය. බුලත් නොකෑ කට කිරි වවුලාගේ” යනුවෙන් පැරැන්නන් පැවසුවේ ඒ නිසාය. තවද පෘතුග්‍රීසින් සිංහලයෝ හැඳින්වූයේ කොළ සපා කා රතු ලේ වමාරන” පිරිසක් ලෙසය. කාරණා එසේ වුවත් ගිලී මලෙත් ඇත දත සුද්දෝ” යනුවෙන් ද කියමනක් ඇත.

සිංහලුන් අතර පමනක් නොවලෝකයේ බොහෝ රටවල් අතර බුලත් ඉතා ජනප්‍රිය කෑමකි. මෙරට ප්‍රධාන අපනයන බෝගයක් වන බුලත් වල ප්‍රධාන ගැනුම්කරුවා පකිස්ථානය වේ.

බුලත් කෑමෙන් වාපිත්සෙම යන තුන් දොස් සමනය කරන බව අයුර්වේදයේ සඳහන් වන අතරහුනු දුම්කොළ වැඩියෙන් බුලත් විටට එක් කිරීමෙන් සහ හපය බොහෝ වේලා කටහි තබා ගැනීම මුඛ පිළිකා සඳහා අත වැනීමකි.

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අනන්‍ය සංකේතයක් වූ බුලත් අපගේ ජන ජීවිතය සමඟ සමීපව බැඳී පවතින අතර,බුලත් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොලක් ද පවතී.


ඉන්දික කුමාර විසිණි.

No comments:

Post a Comment