Wednesday, October 25, 2017

මළ සීඩී පණ ගැන්වීම

ඔයාලගේ සීඩී එකක් වැඩ කරන්නේ නැත්නම්



දිගු කාලයක් තියාගන්න කියලා හිතාගෙන CD එකක එහෙමත් නැත්නම් DVD එකකට දාගත්ත තොරතුරු අවාසනාවන්ත විදිහට නැතිව යාමේ පාඩුව ඔයාලත් අත් විදලා අැති කියලා හිතනවා. අපේ ඉතා වටිනා ලිපි ගොනු, ගීත , වීඩියෝ මෙන්ම ඡායාරූප යනාදිය විශාල වශයෙන් විනාශ වීමට හේතු වන ‘CD trash’ එකකින් වැලකිය හැකි ගොඩ වෙදකම් ටිකක් කියල දුන්නොත් හොදයි කියලා හිතුනා.

 ඔයාලගේ සීඩී එකක් වැඩ කරන්නේ නැත්නම් එම සීඩී එකේ දිලිසෙන පැත්ත දිහා හොදට බලන්න නැත්නම් අත ගාලා බලන්න. එහි සිනිදු බව නැතිවී ගොස් නම් ප්‍රශ්නය තියෙන්න එතන තමයි. දැන් එය නැවතත් මැද සුමට කරන්න ඔ්නේ. මේ සදහා සාමාන්‍ය දන්තාලේප, පිත්තල ඔප දැමීමට යොදා ගන්නා දියර, ඔ්ඩිකොලෝන්, මධ්‍යසාර, කෙසෙල් ලෙල්ලක් යනාදී ඔ්නෑම ද්‍රව්‍යයක් යොදාගන්න පුළුවන්. හැබැයි සුවද විලවුන් වර්ග නම් යොදා ගන්න එපා. මොකද එ්වායේ තියෙන රසායනික ද්‍රව්‍ය නිසා සීඩී එකට තවත් හානි වෙන්න පුළුවන්.
උඩින් දාපු මොනව හරි දියරයක් ඉතා සියුම් මතු පිටක් අැති රෙදිකඩක (ස්පොන්ජ් කැබැල්ලක් හෝ ෆ්ලැනල් රෙදි වඩාත් හොදයි) තවරාගෙන තැටියේ මැද සිට කෙළවරට එ්කිව්වේ අැතුලත සිට පිටතට වලයාකාරව සාමාන්‍ය තෙරපුමකින් මදින්න ඔ්නේ.

 මොන වෙලාවකවත් තැටියේ හරස් අතට මදින්න එපා එ් වගේම ඔ්නවට වඩා තද කරල මදින්නත් එපා. තැටිය මැද්දට පස්සේ තවත් රෙදි කෑල්ලකින් එ්ක පිහදාලා මැදීමට යොදා ගත්ත ද්‍රව්‍ය ඉවත් කර ගන්න ඔ්නේ. ෂැම්පු දාලා හේදුවත් ප්‍රශ්නයක් නෑ. මේ ටික කරලා සීඩී එක දාලා බලන්න වැඩකරනවද කියලා. එ්ත් වැඩ කරන්නේ නැත්නම් එ්ක ගැන තියෙන අාසාව අත අැරල තියෙන සීඩී ටික පරිස්සම් කර ගන්න එක හොදයි. අර කියමනක් තියෙනවනේ ‘ ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ’ කියලා.
ඉතින් දැන් අපි බලමු තියෙන හකුරු ටික අා... හකුරු නෙමෙයි සීඩී ටික කොහොමද රැක ගන්නෙ කියලා.
නිතරම සීඩී එක පිරිසිදු කරන්න ඔ්නේ. මේකට සිල්ක් රෙදි කෑල්ලක් යොදා ගන්න නැත්නම් නූල් කෑලි සීඩී එකේ තැන්පත් වෙන්න පුළුවන්. සීඩී පිරිසිදුව අසුරන්න ඔනේ. එ් වගේම තමයි කිසි විටෙකවත් සීඩී එකේ මැද්දෙන් අල්ලන්න එපා. එහෙම කලොත් අැගිලි සලකුණු හිටින නිසා සීඩී එක වැඩ නැති වෙන්න පුළුවන්.
අනිත් කාරනාව තමයි සීඩී ප්ලේයරය නිසි පරිදි ක්‍රියාත්මක වනවාද යන්න තහවුරු කර ගන්න ඔ්නේ. සීඩී ප්ලේයරය නිසි පරිසි ක්‍රියාත්මක නොවීම නිසා 15% පමන සීඩී නරක් වෙනවලු. මෙම නිසා සීඩී ප්ලේයරය නිතරම පිරිදු කරන්න ඔ්නේ. ලෙන්ස් එකත් පිරිසිදු කරන්න. 



No comments:

Post a Comment