Wednesday, October 25, 2017

වින්ඩොස් 7 සිස්ටම් රිස්ටෝ පහසුකම

          
අපි අපේ පරිගණකයට ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාස්, අළුත් මෘදුකාංග අාදිය ඉන්ස්ටෝල් කරන්න යද්දි එ්වා නිසි පරිදි ඉන්ස්ටෝල් නොවන අවස්ථා තියෙනවා. එ් වගේ වෙලාවට එම මෘදුකාංග හොදින් වැඩ කරන්නේ නෑ වගේම එ්වා නිසි පරිදි ඉන්ස්ටෝල් වෙලා නැති හින්දා අන්ස්ටෝල් කරන්න ඉඩදෙන්නෙත් නෑ. ඉතින් මේ වගේ අවස්ථාවකදී, මෙම මෘදුකාංග ඉන්ස්ටෝල් කරන්න කලින් දිනයක තිබුන තත්වයට පරිගණකය අාපස්සට ගෙනියන්න පුළුවන්. මෙම ක්‍රමය හදුන්වන්නේ සිස්ටම් රිස්ටෝ (System restore) කියලා.

අපේ අතින් අද මෘදුකාංගයක් අන්ස්ටෝල් වුනා කියලා හිතමුකෝ. එ් මෘදුකාංගයේ සෙටප් ෆයිල් එකත් නැත්නම් කරන්න දෙයක් නෑනේ. දැන් එ් මෘදුකාංගය අන්ස්ටෝල් වෙන්න කලින් තිබුන තත්වයට පරිගණකය රිස්ටෝ කර ගත්තම එ් කිවුවේ පරිගණකය අාපස්සට ගෙනිච්චහම හරි. පරිගණකය රිස්ටෝ කලා කියලා අපි එදිනෙදා කරපු වැඩ නැවත අාපස්සට යන්නේ නෑ. අාපස්සට ගිහින් මුල් තත්වයට පත්වෙන්නේ පහලින් දාලා තියෙන ෆයිල්ස් විතරයි.

·       මෙහෙයුම් පද්දතියේ මූලික ක්‍රියාවට අවශ්‍ය ෆයිල්. ( System files )
·       මෙහෙයුම් පද්දතියට අදාළ වෙන සැකසුම්. ( Settings )
·       හාඩ්වෙයා ඩ්‍රයිව්ස්වලට අදාල වැඩසටහන් ( Drivers )
·       ඉන්ස්ටෝල් කරපු මෘදුකාංග
·       අන්ස්ෙටාල් කරපු මෘදුකාංග

ඉතින් අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.
මෙම පහසුකම ලබා ගන්න නම් ඔයාලගේ පරිගණකයේ සිස්ටම් රිස්ටෝ යූටිලිටිය සක්‍රීය කරලා තියෙන්න ඔ්නේ. සමහර පරිගණක වල මෙම සිස්ටම් රිස්ටෝ යූටිලිටිය සක්‍රීය කරලා නැති නිසා එතන ඉදලාම කියලා දෙන්නම්.


  •           සිස්ටම් රිස්ටෝ යූටිලිටිය සක්‍රීය කිරීම.


§                                 
මුලින්ම ඔයාලා Start මෙනු එක ක්ලික් කරලා එ්කේ දකුණු පැත්තේ තියෙන Computer කියන එක මත රයිට් ක්ලික් කරලා Properties යන්න මත ක්ලික් කරන්න. එහෙම නැත්නම් Computer කියන එක මත ක්ලික් කරලා එන වින්ඩෝ එකේ උඩින් තියෙන System properties කියන එක උඩ ක්ලික් කලත් හරි. ඊට පස්සේ එන වින්ඩෝ එකේ තියෙන ටැබ් වලින් System protection යන ටැබ් එක උඩ ක්ලික් කරන්න. හරි දැන් විවෘත වුන ටැබ් එකේ පහලින් තියෙන Protection setting කියන තැන බොක්ස් එක අැතුලේ තියෙන System යන්න ඉදිරියෙන් ON සටහන් වෙලා තියෙනවද කියලා බලන්න. (පහල රූපය බලන්න)



එහෙම තියෙනවා නම් ඔයාගේ පරිගණකයේ මේ වන විට සිස්ටම් රිස්ටෝ යූටිලිටිය සක්‍රීය කරලා තියෙන්නේ. එහෙම නැත්නම් System කියන එක ඉස්සරහින් තියෙන්නේ OFF කියලා. එහෙම තිබුනොත් එ්ක වෙනස් කර ගන්න ඩයලොග් බොක්ස් එකේ පහලින් තියෙන Configure කියන බට්න් එක ක්ලික් කරන්න. එතකොට System protection for local disc ඩයලොග් බොක්ස් එක විවෘත වෙනවා. (පහල රූපය)


මේකේ Restore setting යටතේ ඔප්ෂන්ස් තුනක් තියෙනවා. පළමු වැනි එක තමයි Restore system settings and previous versions of files කියන එක. මේක තෝරලා තියෙනවානම් මෙහෙයුම් පද්දතියේ සැකසුම් හා වැඩසටහන් වල ෆයිල් කලින් තිබුන දිනයකට නැවත ගෙනියන්න පුළුවන්. දෙවෙනි එක තමයි Only restore previous versions files කියන එක. මේක තෝරලා තිබුනොත් මෙහෙයුම් පද්දතියේ සැකසුම් රිස්ටෝ වෙන්නේ නෑ. තුන්වෙනි එක සිලෙක්ට් කරලා තිබුනොත් මෙම පහසුකම අක්‍රීයයි. මේ ඔප්ෂන් අතරින් ඔයාලා පළමු වැනි ඔප්ෂන් එක තෝරා ගත්තොත් හොදයි.
දැන් රිස්ටෝ ෆයිල්ස් ගබඩා වෙන්න අවශය ඉඩ වෙන් කල යුතු වෙනවා. මේක කරන්නේ මෙම ඩයලොග් බොක්ස් එකේම පහලින් තියෙන Disc space usage කියන තැනින්. මෙතන තියෙන Max usage යන්නෙහි තියෙන හැඩ්ල් එකෙන් ඉඩ ප්‍රමානය අඩු වැඩි කර ගන්න පුළුවන්. 3GB ක් විතර තිබුනම අැති. ඊට පස්සේ OK කියන බට්න් එක ක්ලික් කරන්න.


  •    සිස්ටම් රිස්ටෝ කිරීම (පරිගණකය අාපස්සට ගෙනයාම)



මේ සදහා ඔයාලා කලින් වගේ System properties ඩයලොග් බොක්ස් එකේ System protection ටැබ් එක Open කර ගන්න. දැන් එ්කේ තියෙන System restore කියන බට්න් එක උඩ ක්ලික් කරන්න. එතකොට විවෘත වෙන ඩයලොග් බොක්ස් එකේ පහලින් තියෙන Next කියන බට්න් එක ක්ලික් කරන්න. එතකොට පහල තියෙනවා වගේ පිටුවක් විවෘත වෙනවා.


දැන් මේ පිටුවෙන් අපි තෝරා ගන්න ඔ්නේ අපේ පරිගණකය අාපස්සට ගෙනියන්න ඔ්නකරන දිනය. ඩයලොග් බොක්ස් එකේ පහලින් තියෙන Show more restore points කියන චෙක් බොක්ස් එක ක්ලික් කලොත් තවත් අවස්ථාවන් තෝරගන්න පුළුවන්. මෙහි අැති Description නම් ස්ථානයෙන් දැක්වෙන්නේ රිස්ටෝ  වෙන්නේ කුමන සැකසුම කියලා. අදාල දිනය හා වේලාව තෝරා ගත්තට පස්සේ  Next කියන බට්න් එක ක්ලික් කරන්න. එවිට රිස්ටෝ කිරීම තහවුරු කිරීම සදහා අවස්ථාව ලබා දෙනවා. දැන් පහලින් තියෙන Finish බට්න් එක ක්ලික් කරන්න. ඊලගට නැවතත් ඩයලොග් බොක්ස් එකක් විවෘත වෙලා නැවතත් එ් පිලිබදව විමසනවා. මෙහි අැති Yes කියන බට්න් එක ක්ලික් කරන්න. එතකොට රිස්ටෝ වීම අාරම්භ වෙනවා. එවිට පරිගණකය රිස්ටෝ වෙලා රීස්ටාට් වෙනවා. දැන් සියල්ලම හරි.


  •    විශේෂ රිස්ටෝ පොයින්ට් එකක් සෑදීම



අලුත් මෘදුකාංගයක් ඉන්ස්ටොල් කරන්න කලින් හරි මෘදුකාංගයක් අන්ස්ටොල් කරන්න කලින් හරි එහෙමත් නැත්තම් මෙහෙයුම් පද්දතියේ කිසියම් වෙනසක් කරන්න කලින් හරි රිස්ටෝ පොයින්ට් එකක් එනම් නිශ්චිත දිනයක් සහ වෙලාවක් සකස් කරගත්තොත් එ්ක පසු දිනෙක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මෙසේ කලින් රිස්ටෝ පොයින්ට් එකක් හදන්න කලින් ගියා වගේ System properties ඩයලොග් බොක්ස් එකේ System protection ටැබ් එකට යන්න. දැන් එ්කේ පහලින් තියෙන Create කියන බට්න් එක ක්ලික් කරන්න.


එතකොට විවෘත වෙන ඩයලොග් බොක්ස් එකේ රිස්ටෝ පොයින්ට් එක සදහා සුදුසු නමක් ටයිප් කරලා Create බට්න් එක ක්ලික් කරන්න. අලුත් මෘදුකාංගයක් ඉන්ස්ටොල් කලාම හරි මෘදුකාංගයක් අන්ස්ටොල් කලාම හරි එහෙමත් නැත්තම් මෙහෙයුම් පද්දතියේ කිසියම් වෙනසක් කලාම හරි ප්‍රශ්නයක් අාවොත් අපි හදපු රිස්ටෝ පොයින්ට් එක සිලෙක්ට් කරලා පෙර පැවති තත්වයට අපේ පරිගණකය ගෙනියන්න පුළුවන්.


  •    රිස්ටෝ කටයුතු නැවත Undo කිරීම



රිස්ටෝ කිරීමෙන් පස්සේ අනපේක්ෂිත දෝශ මතු වෙනවා නම් අපි කරපු රිස්ටෝ කටයුතු අවලංගු කරලෙ පරිගණකය නැවතත් වර්තමාන තත්වයට පත්කර ගන්න පුළුවන්. මේ සදහා නැවතත් System restore ඩයලොග් බොක්ස් එක විවෘත කරගෙන එ්කේ තියෙන Undo system restore ඔප්ෂන් එක ක්ලික් කරන්න ඊට පස්සේ Finish බට්න් එක ක්ලික් කරන්න. දැන් රිස්ටෝ කටයුතු අවලංගුවෙලා පරිගණකය මුලින් තිබුන තත්වයට පත්වෙනවා.

අපේ ජීවිතත් මේ වගේ රිස්ටෝ කරන්න පුළුවන්නම් නේද? මොන තරම් නම් දේවල් තියෙනවද අපට වැරදුන සහ අතපසු වෙච්ච........

No comments:

Post a Comment