Wednesday, October 25, 2017

රෝල්ස්






අවශ්‍ය ද්‍රව්‍ය



  • පාන් පිටි 125g
  • පොල් කිරි කෝප්ප 1 ½
  • ලුණු, කහ කුඩු, බිත්තර කහ මද දෙකක්
  • අැතුලත පිරවීමට මාළු මිශ්‍රනයක්
  • බිස්කට් කුඩු
  • පොල් තෙල්


සාදන ක්‍රමය



හලාගත් පිටි වලට ලුණු එක් කර තට්ටු කරන ලද බිත්තර කහ මද එකතු කර ගන්න. පොල් කිරි එක්කරමින් කැටි නොගැසෙන සේ පිටි මිශ්‍රනය සාදා ගන්න. තෙල් ස්වල්පයක් සහිත පැතලි සාස්පානක් ලිප තබා එය රත්වන විටදී පිටි මිශ්‍රනයෙන් ස්වල්පයක් දමා සිනිදු රොටියක් පිළියෙල කර ගන්න. එම රොටිය මත මාළු මිශ්‍රනය තබා දෙකෙලවර නමා රෝල් කර ගන්න. ඉන්පසු බිත්තර සාරු තවරා බිස්කට් කුඩු දවටා ගැඹුරු තෙලේ බැදගන්න.




No comments:

Post a Comment